සීමිත ඕවර අවසන් මහා තරගය යළිත් කල්දමයි


රාගම කී‍්‍රඩා සමාජය සහ සිංහල කී‍්‍රඩා සමාජය අතර සිංහල කී‍්‍රඩා සමාජ පිටියේදී හෙට (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රධානතම සීමිත  ඕවර තරගාවලියේ අවසන් මහා තරගය දැනට පවතින වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමීමට ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

මේ වන විට දෙවතාවක්ම කල් දැමීමට සිදු වූ මෙම තරගය ඉදිරියදී නැවතත් කල් නොදමන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තවදුරටත් ප‍්‍රකාශ කර සිටී.