සීමා නිර්ණය කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා අතට


අමල් වික්‍රමරත්න
 
මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා කොට්ඨාස බෙදාවෙන් කිරීමට පත් කළ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව සකස් කර අවසන් කර ඇති බැවින් එය අද (19) විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාරදීමට නියමිතව එම කමිටුව පවසයි.
 
එම වාර්තාව පසුගිය 14 වනදා විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාරදීමට නියමිතව තිබූ නමුත් එදින අමාත්‍යවරයා කාර්යාලයේ රැඳී නොසිටීම නිසා අද 19 එය අමාත්‍යවරයාට භාර දීමට තීරණය කර ඇත.
 
ආචාර්ය කනකරත්නම් තවුලිංගම්, ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, මහාචාර්ය එස් එච් හිස්බුල්ලා,කථීකාචාර්ය විජය සන්දිරන් හා විශ්‍රාමික අතිරේක මැතිවරණ කොමසාරිස් ප්‍රේමතිලත සිරිවර්ධන යන මහත්වරුන් සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබේ.