සීනි සමාගමෙන් පැණි රස නැති කතාවක්


(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

සීමාසහිත ලංකා සීනි පෞද්ගලික සමාගම එහි සේවකයන්ට   දිරිදීමනා සහ ප්‍රසාද දීමනා ලෙස රුපියල් කෝටි 73 කට  අධික මුදලක් පසුගිය වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ

මෙම දීමනා ගෙවා ඇත්තේ  සෙවනගල සහ පැලවත්ත සීනි සමාගම්වල  සේවකයන් සඳහාය.

සෙවනගල අංශය සහ ප්‍රධාන කාර්යාලය සඳහා ප්‍රසාද දීමනා දිරි සහ දිරිදීමනා වශයෙන් පසුගිය වසරේදී රුපියල්  කෝටි  22   වැඩි මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි

රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයට අනුව එම අංශ සඳහා  පසුගිය වර්ෂය සඳහා ගෙවිය හැකි ප්‍රසාද දීමනාව රුපියල් දෙකෝටි අසූ හය  ලක්ෂයක් වුවද රුපියල් විසි කෝටි එක්ලක්ෂ තුන්දහසක් එකසිය විසි පහක  මුදලක් වැඩියෙන් ගෙවා ඇති බව විගණනයේදි තොරතුරු හෙළිවී ඇත.

ලංකා සීනි පෞද්ගලික සමාගම පසුගිය වසරේ දී රුපියල් කෝටි හයසීයක  ලාභයක් උපයා ඇති බව  විගණන කාර්යාලය පවසයි.