සීනි සමාගම ඇමැති දයාට පවරනවාට අමරවීරගෙන් විරෝධය


(ඩයනා උදයංගනී)

රජයට අයත් සෙවනගල සීනි සමාගම ඇමැති දයා ගමගේ මහතාට අයත් පෞද්ගලික ව්‍යාපාරයකට පවරනවාට තමන් විරුද්ධ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රාජ්‍ය දේපල මෙසේ පෞද්ගලික අංශයට පැවරීම අනුමත කළ නොහැකි බව ද අමරවීර මහතා සඳහන් කළේය.