(යොහාන් භාසුර)
සීනි ආනයනය තහනම් කිරීමෙන් පසුව මෙරටට ගෙන්වූ සීනි විශාල තොගයක් රේගු බාරයේ පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.
රජය සීනි ආනයනය තහනම් කිරීමෙන් පසුව ගෙන්වූ විශාල සීනි තොගයක් කොළඹ වරායේ රේගු බාරයේ තියෙන බව කී සුදත්ත සිල්වා මහතා එම සීනි සම්බන්ධයෙන් ආනයනකරුවන් අධිකරණයේ නඩු පවරා ඇති බවත් සඳහන් කළේය.
එම සීනි තොගය නිදහස් කිරීම පිළිබඳ තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වීම නිසා නිදහස් කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.
මෙම තත්වය හමුවේ සීනි ආනයනික සමාගම් ආනයනය අත්හිටුවා පවතින සීනි තොගවල මිල ඉහළ දැමීමෙන් මේ වන විට වෙළෙඳපොල තුළ සීනි මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ.

