සිනි ආනයනික බද්ද රුපියල් 12 කින් ද අර්තාපල් බද්ද රුපියල් 10 කින් ද රජය මඟින් වැඩි කර ඇත.
සිනි බද්ද පෙරේදා (7) සිට අර්තාපල් බද්ද ඊයේ (8) සිට ද ක්‍රියාත්මක වේ.
ඒ අනුව සිනි කිලෝවක් සඳහා පැවැති රුපියල් 18 ක බද්ද රුපියල් 30 දක්වා ද අර්තාපල් කිලෝවක් සඳහා පැවැති රුපියල් 30 ක බද්ද රුපියල් 40 ක් දක්වා ද වැඩිවේ.
සිනි බද්ද වැඩි කළ ද සිනි මිල වැඩි කර නොමැති බව රජය කියයි.
අර්තාපල් බද්දේ අරමුණ මෙරට අල ගොවියා රැකීම බවද රජය පවසයි.

