සීනි කෑම අඩකින් අඩුකරන්න


තමන්ගේ ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය අඩකින් අඩුකැර ගැනීමට අදිටන් කරගෙන එය නොවරදවාම ක්‍රියාත්මක කළ යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. දැනට තීරණය වි ඇත්තේ දිනකට සීනි තේ හැදි දහයක් පමණ භාවිතා කිරීම අවැඩක් නොවන බව වුව ද එය හරියට ම අඩකින් අඩුකැර සීනි තේ හැදි පහකට වඩා අඩු ප්‍රමාණයක් ගැනීම සුදුසු බව එම සංවිධානය පවසයි.

සීනි ආහාරයට ගැනීමෙන් දියවැඩියාව, හෘදයාබාධ, තරබාරුබව, දත්දිරායාම ඇතුළු රෝග රැසක් ඇති වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථුලතාව පිළිබද අධ්‍යයන අංශයේ සභාපති පිලිප් ජේම්ස් පවසන්නේ කාර්මික රටවල එක් පුද්ගලයකු දිනකට ගන්නා ආහාර හේතුවෙන් සීනි තේ හැදි 46 ට වඩා සිරුරට ඇතුළුවන බවයි.

නිව්කාසල් සරසවියේ පෝෂණය සහ මුඛ සෞඛ්‍ය පිලිබඳ මහාචාර්ය පව්ලා මොයිනිහවි කරන ලද  අධ්‍යනයෙන් පසුව ඉහත කී යෝජනා සම්බන්ධයෙන් සාකචිචා කිරීමේදී දත්වලට සීනි වලින් සිදුවන හානිය ද ඉස්මතුකැර ඇත.  වර්තමානයේ බොහෝ දෙනා සිය ආහාර වේල්වලට සිනී එක්කැර සෑදූ ආහාර හෝ පානයන් එක්කර ගෙන සිටිති. නමුත්

මහාචාර්ය වරයා පවසන්නේ මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවයි.