සීනි ආනයනය නිසා දේශීය සීනි නිෂ්පාදනයට පාඩුවක්


වසන්ත චන්ද්‍රපාල
 
පෞද්ගලික වෙළදුන් විසින් අඩු මිලට සීනි ගෙන්වීම නිසා ලංකාවේ සිනි නිෂ්පාදනයට විශාල පහරක් වැදී ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී නන්දන ජයසිංහ මහතා පැවසීය.


මේ වෙන විට හිගුරාණ, සෙවණගල , පැලවත්ත යන කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි පෞද්ගලික වෙළදුන් විසින් අඩු මිලට ඉල්ලුම් කිරිම නිසා මෙම කර්මාන්ත තුනම පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුවි ඇති බවද පැවසීය.


ඉන්දියාව ඇතුළු විවිධ රටවලින් සීනි ගෙන්විමේදී කිලෝවක් රුපියල් 80 ක් වන නිසා ලංකාවේ සිනි කර්මාන්ත වලින් එම මුදලට සිනි ඉල්ලුම් කිරිම නිසා මෙම තත්වය උදාවී තිබේ. 


දැනට ලංකාවේ සිනි කිලොවක් නිෂ්පාදනය කිරිම සඳහා රුපියල් 126 ක් වියදමක් යන අතර අසුවට එය අලෙවි කිරිමට නොහැකි වන බවද නන්දන ජයසිංහ මහතා පැවසීය.


දැනට මෙම මුදලට අලෙවි නොකරන අතර මේ හේතුව නිසා උක් ගොවියන්ට මුදල් ගෙවිමේ ප්‍රමාදයක් සිදුවෙන බවද සඳහන් කළේය.


දැනට හිගුරාණ, සෙවණගල,පැල්වත්ත යන කර්මාන්ත ශාලා තුනෙන්ම වසරක්ට සිනි ටොන් 56.000 ක් නිෂ්පාදනය කරන අතර ලංකාවේ වසරක සිනි අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ හතක් වන බවද කීය. දැනට වසරකට මෙට්ට්‍රික් ටොන් හය ලක්ෂ හතළිස් හතර දාහක් විදේශ රටවලින් ගෙන්විමට සිදුව ඇති බවද සදහන් කළේය.


පොද්ගලික වෙළදුන් සිනි අඩු මිලට ගෙන්වුවත් පාරිභෝගික ජනතාවට  වෙළඳපොළෙන් සිනි ගැනීමට සිදු ඇත්තේ සුදු සීනී  106 සහ දුඹුරු සිනි රුපියල් 112 ට මිලට බවද කීය.


සීනි කර්මාන්ත දියණු කිරිම සදහා රජය විසින් ගොවියාට පහසුකම් දිය යුතු අතර පොහොර සහනාධාරය,සහ අඩු පොලියට ණය ලබාදීම එහි ප්‍රධාන කාර්යන් දෙක බවද පැවසිය.