සීදුව ලියනගේමුල්ල පෞද්ගලික බැංකුවෙන් කොල්ල කෑ මුදල රුපියල් දාහතර ලක්ෂයක් විය හැකි යැයි පොලීසිය කියයි.
පිහියක් හා පිස්තෝලයක් රැගත් කොල්ලකරුවන් සමඟ තවත් සිව් දෙනකු සිටි බවත් කොල්ලකරුවන් අද අලුයම 12.15/12.30 අතර බැංකුවට ඇතුළු වෙද්දී ආරක්ෂක නිලධරයා ආහාර ගනිමින් සිටි බවත් කළමණාකරුගේ සහයකයා විවේකාගාරයේ සිටි බවත් පොලීසිය පවසයි.
පිහි ඇනුම් කෑ බැංකු කළමණාකරු කොළඹ මහ රෝහලට මාරු කරනු ලැබීය.

