අවිස්සාවේල්ල හැටන් මාර්ගයේ තල්දූව නගර ආසන්නයේ සීතාවක ගඟේ මහ පාලම දෙපස මැණික් ගැරීමට පෞද්ගලික ව්‍යාපාරිකයකුට දුන් කොන්ත්‍රාත්තුව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නතර කර ඇත.
මැණික් හා ස්වර්ණාභරණ අධිකරිය එම මැණික් ගැරීමට අවසර දී තිබිණි.
මැණික් ගැරීමට දුන් අවසරයට එරෙහිව දෙහිඕවිට ප්‍රාදේශීය සභා සභාපති අමිල රුවන් කන්දේආරච්චි උපවාසයක් ද ඇරැඹීය.
ඇමැති බැසිල් රාජපක්ෂගේ තීරණයෙන් පසු එම උපවාසය අවසන් කර ඇත.

