සීතාවක කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 200කට ආසන්න පිරිසක් සඳුදා දහවල් ආහාර ගැනීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.
ආයතනයෙන් සැපයූ දිවා ආහාර සාම්පල හා ආයතනයේ ජල සාම්පල පරීක්ෂා කරන බවත් රෝහල්ගතවූ වැඩි පිරිසක් කාන්තාවන් බවත් පොලිසිය පවසයි.

