සීත කාලයේ පෝලන්ත - කටුනායක ගුවන් ගමන් අරඹයි


(ටී.කේ.ජී.කපිල )

‍යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමගම පෝලන්තයේ සිට ශීත ඍතුව වෙනුවෙන් සිදු කෙරෙන ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ප්‍රධාන නගර 03 ක සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ ( Enter Air ) ගුවන් යානා 03 ක් , සිය මංගල ගුවන් ගමන් ( Inogaral Flight ) ආරම්භ කරමින් , එරට සංචාරයකයන් 550 දෙනකු රැගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඒ අනුව එන්ටර් එයාර් ගුවන් සේවයේ ගුවන් යානා , පෝලන්තයේ කැතොවිස් (Katowice ) නුවර සිට ඊ.එන්.ටී.- 7607 දරන ගුවන් යානයත් , උදෑසන 07.40 ට පොස්නන් ( Poznaan ) නුවර සිට ඊ.එන්.ටී.- 1913 දරන ගුවන් යානයත් සහ උදෑසන 09.40 ට වෝර්සෝ ( Worsaw ) නුවර සිට ඊ.එන්.ටී.- 1561 දරන ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මේ සදහා එන්ටර් එයාර් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සතු බෝයිං - 737 වර්ගයේ ගුවන් යානා 03 ක් යොදවා තිබුණි .

මින් පසු සෑම දින 10 කට වරක් අද සිට එළඹෙන 2027 වසරේ අප්‍රේල් 2 වැනි දින දක්වා , එම නගර වල සිට මෙම ගුවන් යානා  මෙරටට සංචාරයකයන් රැගෙන ඒමට නියමිතය .