දීර්ඝ සිනමා සංස්කෘතියක් තිබු යාපනයේ සිනමා ශාලා එකින් එක වැසී යයි.
1983ට පෙර තිබු සිනමා හල් එකොළහින් දැන් ඇත්තේ රාජා සහ සෙල්ලා සිනමාහල් දෙක පමණි.මෑතදී මැජෙස්ටික්,සිල්වර් හා බ්‍රොන්ස් සිනමාහල් තුන විවෘත විය.
යුද්ධය ද සීඩි තැටිය ද සිනමාහල් වැසීයාමට ප්‍රධාන හේතුව විය.
අද යාපනයේ සිනමා හලක අඩුම මිල රුපියල් 300 කි එහෙත් චිත්‍රපටය නිකුත් වී පැය ගණනකින් එහි සීඩී තැටිය රුපියල් පනහකට මිලදී ගත හැකි බව යාපන වැසියෝ කියති.
යුද්ධයට පෙර එම් ජී රාමචන්ද්‍රන් හා සිවාජි ගනේෂන් යාපන සිනමාලෝලීන්ගේ වීරයා වීය.අද ඔවුන්ගේ වීරයා වී සිටිනුයේ රජිනී ඛාන්ත් තමිල්නාඩු සුපිරි තරුවයි.
අද යාපනයේ ප්‍රදර්ශනය වනුයේ දෙමළ චිත්‍රපට පමණි.එදා ඉංග්‍රීසි චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය වු රීගල් හා රියෝ සිනමා හල් ද අද වැසී ඇත.
එම් ජී ආර් හා සිවාජිගේ ලෝලයන් වෙනුවෙන් එදා යාපනයේ මාස් පතා සිනමා පත්තර පහක් මුද්‍රණය කැරිණි .දෙකක් එම් ජී ආර් වෙනුවෙන් හා තුනක් සිවාජි වෙනුවෙනි.
1970 මැදදී ‘නාලන් නමදි ’හා ‘අවන්තාන් මනිදන් ’ චිත්‍රපට දෙක දිනකට දර්ශන අටක් තිරගත කළේය.
ඒ කාලයේ යාපන තරුණයෝ බෝට්ටුවෙන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර තමිල්නාඩු සිනමා හලකට ගොස් දෙමළ චිත්‍රපටයක් බලා යළි රාත්‍රීයේම යාපනයට ආහ.
යුද සමයේ සිනමාහල් සියල්ල වැසී ගියේය.රිගල් , රීයෝ,වෙලින්ටන්,ලීඩෝ රාණි හා හරන් යුද සමයේ දැඩි ලෙස හානියට පත්වු සිනමාහල්ය.
ඇතැම් ගොඩනැගිලි යුද්ධයේ නටඹුන් විය.පැරණිම සිනමාහලක් වු මනෝහරා මෑතදී වසා දැමිණි.
චුන්නාකම් සිනමාහලේ කළමනාකරු පැවසුයේ ඇතැම් දිනවල හතර පස් දෙනකු පමණක් චිත්‍රපට ශාලාවේ සිටින බවයි.
රජිනි ඛාන්ත් රඟපාන ‘කොච්චාඩයියාන් ’යාපනයේ සිනමාහල් දෙකක ප්‍රදර්ශනය කළ මුල් දවසේම එහි සීඩි තැටිය රුපියල් පනහකට සීඩි කඩවලින් මිලට ගත හැකි විය.

