(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර උදය මාවතේ නිවසක සගවා තිබූ සංයුක්ත තැටි 326 ක් සමග මුස්ලිම් ජාතික මාධ්‍යවේදියකු අද(12) අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විද්‍යුත් නාලිකාවක සේවය කරන 58 හැවිරිදි මාධ්‍යවේදියෙකි.
මෙම පුද්ගලයා සතු සංයුක්ත තැටි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මොහු හෙට (13) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

