සීගිරියේ බඹරු ඇණීමෙන් 18 දෙනකු තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි. මේ අතර විදෙස් සංචාරකයන් තිදෙනකු ද සිටින බව දැනගන්නට ඇත. සිංහපාදය අසළ දී බඹරුන් අවිස්සී ඇති අතර සීගිරි ගල මුදුනට ගිය සංචාරකයෝ එහි හිරවී සිටිති. ඔවුන් බේරාගැනීමට මෙහෙයුමක් දියත් කැර ඇති බව ද පොලිසිය කියයි.

