(අංජුල මහික වීරරත්න)
කොරෝනා සහ ආර්ථික අර්බුදය නිසා නතර කර තිබු සීගිරිය,දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
ආසියා සංවර්ධන බැංකුවේ සහයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එම ව්‍යපෘති ක්‍රියාත්මක කෙරෙයි.
සීගිරිය,දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හදුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුළු මුදල රුපියල් මිලියන 1,045 කි. ඉන් රුපියල් මිලියන 320 ක් මේ වසර සදහා වෙන් කර ඇති බවද ඇමතිවරයා සදහන් කරයි. ්

