සීගිරි ළඳුන්ගේ හම යයි


සීගිරි අප්සරාවන්ගේ රුව ඇති බිත්තියේ තැන තැන තීන්ත ගැලවී ඇති බවත්, විශේෂයෙන් පසුගිය කාලයේ කළුතෙල් ප්‍රහාරයට ලක් නොවූ චිත්‍රයක මේ විනාශය වැඩි වශයෙන් දැකිය හැකි බවත් එහි යන එන්නෝ කියති.

සීගිරියේ හදවත බඳු වූ කැටපත් පවුර වසර ගණනාවක සිට වැහිලිහිණි වසුරු වැටී සිදුවන විනාශය ද නතර වී නැත.

සීගිරිය බැලීමට එන්නවුන් ඉපැරණි ගල් බැමි මත ගමන් කිරීම තහනම බෝඩ් වලට පමණක් සීමා වී ඇත.

සීගිරිය අභය භූමිය දැව ජාවාරම්කරුවන්ගේ හා දඩයම්කරුවන්ගේ මෙන්ම ඉඩම් කොල්ලකරුවන්ගේ ද පාරාදීසයක් වී ඇතැයි කියති.

මේ ගැන විමසීමට ඉරිදා (05) සහ සඳුදා (06) දෙදිනේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කලමනාකාරවරයා සම්බන්ධ කර ගන්නට උත්සාහ කළ ද අසාර්ථක විය.

DSC03031[1]  DSC05385[1] DSC05398[1] DSC05432[1]

DSC03058[1] DSC05372[1] DSC05384[1] DSC05445[1] DSC05446[1]