2014 ජනවාරි 13 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 99 දෙනකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරනු ලැබ සිටිති. එහෙත් ඔවුනට එරෙහිව ඇති විනය පරීක්ෂණ නිසා පත්වීම් ලබා දී නැත.

