සීඅයිඩිය කරන්නාගොඩගේ කටඋත්තරයක් ගනී


යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන සිද්ධිය ගැන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, වත්මන් නාවික හමුදාපති හා නැවියන් කිහිපදෙනකුගේ කටඋත්තර ගන්නා බව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද (8) ප්‍රකාශ කළේය.

දෙහිවල නාවික හමුදා මුරපොළේදී පැහැරගත් බව කියන සිසුන් පස් දෙනකුද එම 11 දෙනා අතර වන බවත් නාවික හමුදාවේ නිලධරයන් තිදෙනකු ඊට හවුල් බවට තොරතුරු ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.