හිටපු ඇමැති සී.බී.රත්නායක මහතාගේ රියදුරකුවන එස්.ප්‍රේමසිරි අතුරුදන්ව ඇතැයි බිරිය පසුගියදා පැමිණිලි කර තිබූ බවත් අද (11) සවස ඇමැතිවරයාගේ කුරුඳුවත්තේ පිහිටි නිල නිවසේදී ඔහුගේ සිරුර සොයාගත් බවත් පොලිසිය පවසයි.
ඔහු විසින් ලියන ලද ලියුමක්ද සොයාගෙන ඇත. වස ශරීරගත වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇතැයි කියති.
හිටපු ඇමැතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස පසුගියදා ගිනි ගත් අතර එම ගින්න හටගත් අවස්ථාවේ මෙම රියදුරා එහි සිටි බවත් අනාවරණය වී තිබිණි.







