(සුජිත් හේවාජුලිගේ )
ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවෙසට ගොස් ඔහුගෙන් අද (26) දහවල් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
මේ අවස්ථාවට රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරු කණ්ඩායමක්ද පෙනී සිටියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එම අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

