සී.අයි. වරුණි යළි රිමාන්ඩ්


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මෝටර් රථයක් මිලදී ගැනීමට මුදල් යෙදවීම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි කොටවිල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂක වරුනී  බෝගහවත්ත  ඇතුළු සැකකරුවන් පස් දෙනා ලබන 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි  මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද නියෝග කලේය.

වාහන මිලදී ගැනීමට මුදල් මුදල් යෙදවීම සම්බන්ධයෙන් මතු වු සැකයක් මත මුදල් විශුද්ධීකරණ පනත යටතේ මෙම සැකකරුවන් සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් ගතව සිටියි. 

රිමාන්ඩ් භාරයට පත් කල පිරිස අතර මාතර සමුපකාර රෝහලේ සේවකයෙක් හා සේවිකාවක්  බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියේ හීටපු අධ්‍යක්ෂවරයෙක් ද සිටිති.