සිහල රාවයේ හිමිනමට ඇප


ගව ඝාතනයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ අසල සිහල රාවය පැවැත් වු විරෝධයේදී පෙට්‍රල් බදුනක් ද අතැතිව උද්වේගීකාරීව හැසිරෙමින් මහජන කැලැබීමක් සිදු කෙරෙන පරිදි  සිය දිවි නසා ගැනීමට තැත් කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි සුරියවැව ධර්මදුත ආශ්‍රමයේ දඹදෙණියේ ධම්මදින්න හිමියෝ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබූහ.

සත්‍යග්‍රහය අවසන් වී ඇති බැවින් සැකකාර හිමිනම ඕනෑම ඇපයක් මත මුදා හරින ලෙස ඒ හිමියන්ගේ නීතීඥවරු අද මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලූහ.

ඒ අනුව රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත් නීති විරෝධී උද්ඝෝෂණවල හා අයුතු ජනරාශියක සාමාජිකයකු නොවන ලෙසට හිමිනමට අවවාද ක‍ළේය.