සිහල රාවය සංවිධානයේ විරෝධතාවක් නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පාරේ එක් මංතීරුවක් වසා දැමූ බව පොලිසිය කියයි.
ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලමින් සඳුදා උදේ භික්ෂූහු කීප නමක් සත්‍යග්‍රහයක් ඇරැඹූහ. අද සවස් වන්නට මත්තෙන් ජනපති කාර්යාලයයෙන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් ගිනි තබා ගන්නා බව භික්ෂූහු කිහිපනමක් කීහ.
මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම කාර්යාලය නියෝජිතයකු පැමිණ සිංහල රාවයේ භික්ෂූනට ලිපියක් බාර දුන් අතර එහි ඇති දෑ ප්‍රමාණවත් නැතැයි හිමිවරු කීහ. එතැන සිටි නාඳුනන පුද්ගලයකු හිමි නමකට හා තවත් දෙදෙනකුට පහර දීමෙන් පසු භික්ෂූන් 15ක් නමක් පමණ පාරේ වාඩිවී යළි උද්ඝෝෂණ කරන්නට වූහ. උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිසෙන් කිහිප දෙනෙක් එතැන සිටි තවත් පුද්ගලයකුට පහර දුන්හ.
සියයක පමණ පොලිස් බළඇණියක් ද ගිනි නිවන රථයක් ද එහි කැඳවා ඇත.
සාමය කඩවන ලෙස හැසිරුණැයි කියන හිමිනමක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

