සිහල රාවයේ හිමි නම රිමාන්ඩ්


සුරියවැව ධර්මදුත ආශ්‍රමයේ දඹදෙණියේ ධම්මදින්න හිමි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 21 තෙක් රිමාන්ඩ් කරනුලැබීය.

ගව ඝාතනයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ අසල සිහල රාවය පැවැත් වු විරෝධයේදී පෙට්‍රල් බදුනක් ද අතැතිව උද්වේගීකාරීව හැසිරෙමින් මහජන කැලැබීමක් සිදු කෙරෙන පරිදි  සිය දිවි නසා ගැනීමට තැත් කළැයි ද එසේ වුයේ නම් ජාතිවාදී කෝලහලයක් දක්වා එම සිද්ධිය වර්ධනය වීමට ඉඩ තිබුණේයැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.