සිහල රාවයේ හතරකට නඩු?


පසුගිය ජනවාරි 30 වැනි දා කොළඹ මල්පාරේ අගමැති කාර්යාලයයට බලයෙන් කඩා වදින්නට තැත් කළැයි සිහල රාවය සිව් දෙනකුට එරෙහිව නඩු පවරන බව කොළඹ අපරාධ විමර්ශන අංශය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.

කේ ජී දිල්ෂාන්, ලසිත කුමාර, රංජිත් කුමාර හා දිනේෂ් සුචරිත සැකකරුවෝය.

මත්කුඩු කන්ටේනරයක් සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශයකට විරුද්ධව අගමැති දුන් පිළිතුර ඉල්ලා අස් කර ගන්නැයි කියමින් සිහල රාවය සංවිධානය අගමැති නිල නිවස ඉදිරිපිට එම විරෝධය පැවැත්වීය.