ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලමින් සිහල රාවයේ භික්ෂුන් තුන් නමක් කොළඹ කොටුවේ ගෙන ගිය උපවාසය බදාදා රාත්‍රියේ අවසන් විය.
ජනපතිගෙන් පිළිගතහැකි පණිවිඩයක් ලැබුණු නිසා උපවාසය අවසන් කළ බව සිහල රාවයේ නායක අක්මීමන දයාරත්න හිමියෝ කියති.
රජය ගන්නා පියවර ගැන මාස හයක් බලා සිටින බව ඒ හිමියෝ පවසති.
ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරුන් අතින් පැන් වැළදීමෙන් පසු හිමිවරු උපවාසය අත්හළහ.

