සිසුහු රජරට උපකුලපති මුදා හරිති


රජරට සරසවියේ මහාචාර්ය ගොඩනැගිල්ලේ වැඩ දෙසැම්බර් 15 වැනි දා වන විට අවසන් කරන බව ඉංජිනේරු සංස්ථාව පැවැසූ බවත් ඒ අනුව එම ඒකකය එදිනට පිහිටුවන බවත් උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන පොරොන්දුවීමත් සමග ඔහු ඇතුළු පිරිස පැය තුනකට පසු සිසු අඩස්සියෙන් නිදහස් කරනු ලැබූහ. ලේඛාධිකාරී ඒ.ජී. කරුණාරත්න මහතා ද රඳවා ගනු ලැබ සිටි තව කෙනෙකි.