සිසුවෙක් අපයෝජනය කළැයි බාලවයස්කාර 4ක් අත්අඩංගුවට


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
තම ටැබ් පරිගණකයට වීඩියෝ ගේම් එකක් දමා ගැනීම සඳහා මිතුරකුගේ නිවසකට ගිය 13 හැවිරිදි පාසල් සිසුවකු නිරුවත් කොට එම දර්ශන වීඩියෝ කර අපයෝජනයට ලක් කළ බව කියන බාල වයස්කාර මිතුරන් සිව් දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලීසිය පවසයි.

තමාගේ ටැබ් එකට වීඩියෝ ගේම් එකක් ඩවුන් ලෝඩ් කර දෙන ලෙස ඉල්ලා සිටි විට ඔවුන් සිනා සෙමින් තමා අල්ලා ගෙන කලිසම ගලවා දමා ටැබ් පරිගණකයෙන් තමා නිරුවත් වීඩියෝ කර දුන් බවට එම සිසුවා පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

තවද ඒ බව කිසිවකුට හෝ පැවසුවහොත් පහර දෙන බවටද සැකකාර මිතුරන් පවසා ඇත.

පසුව ඒ බව දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි. අපයෝජනයට ලක්වු බව කියන සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර  ඇත.

අවුරුදු 13 හා 16 යන වයස් වල පසුවන සැකකාර සිසුන් සිව් දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත