සිසුවියන් හතරකට අතවර කළ ගුරුවරයාට ඇප


(උපාලි ආනන්ද)

බාල වයස්කාර පාසල් සිසුවියන් හතර දෙනෙකුට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි පාසල් ගුරුවරයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය. 

මෙසේ ඇප මත මුදා හැරියේ ගල්නෑව නෑගම්පහ සියඹලන්ගමුව පදිංචිකරුවෙකු වන ආර් එම් ජයන්ත බණ්ඩාර නැමැති 57 හැවිරිදි පාසල් ගුරුවරයෙකි.