(විජේරත්න රත්නායක )
බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පාසලක හය වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් සිවු දෙනෙකු වරින් වර අපයෝජනය කළැයි අත්අඩංගුවට ගත් එම විදුහලේ සංගීත ගුරුවරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
බදුල්ලේ පදිංචි මෙම ගුරුවරයා කිහිප අවස්ථාවකදී පාසලේ දැරියන් අපයෝජනයට ලක් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර මව්පියන් විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව බදුල්ල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
සිසුවියන් අපයෝජනය කළ සංගීත ගුරුවරයාට ඇප
Recommended Articles