ගල්ගමුව ගිරිබාවේ පාසල් ශිෂ්‍යාවක (16) පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඇය ඝාතනය කළැයි කියන විසි හතර හැවිරිදි තරුණයකු ගසකින් බිමට වැටී රෝහල් ගත කරනු ලැබ සිටී.
ඔහු කඹයකින් එල්ලී සිය දිවි නසා ගැනීමට තැත් කළේදැයි පොලීසිය සැක කරයි.
කඹය කඩා වැටී ඔහු බිමට වැටී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

