සිසුවියට අමුතු පාඩමක් කියා දීලා


11 වසරේ ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරිමට තැත් කළැයි විදුහල්පති සරත් කුමාර වික්‍රමසිංහ සහ බුද්ධාගම විෂය භාර අනුර ලියනගේ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා විසින් මේ මස 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබිණි.

බුද්ධාගම විෂය භාර ගුරුවරයාද ළඟ සිටින විට විදුහල්පති ඇයට තමා සමග පැමිණෙන ලෙස කියා ඇතැයිද  එම සිද්ධියෙන් තමා ලැජ්ජාවට හා බියට පත් වු බවත් ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

ඉන් කිහිප දිනකට පසු පාස‍ල් වත්ත පිරිසිදු කරමින් සිටියදි බුද්ධාගම ගුරුවරයා විසින් ‘උඹට විදුහල්පති එක්ක යන්න පුළුවන්නම් මාත් එක්ක එන්න බැරි කමක් නෑනේ‘ කියා පැවැසු බවත් නැවත මෙම ගුරුවරයා හා විදුහල්පති දිගින් දිගටම කරදර කළ බවත් ඇය පවසා ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

web