කොට්ටාව බසයක වාඩිවී සිටි පාසල් දැරියකගේ පාමුල ජංගම දුරකථනයක් තබා ඇගේ ශරීරයේ දර්ශන ස්වයංක්‍රීයව රූගත කළැයි කියන 34 හැවිරිදි පුද්ගලයෙක් බසයේ සිටි හමුදා භටයකු ඇතුළු පාසල් සිසුන් පිරිසක් විසින් අල්ලා කණුවක බැඳීමෙන් පසු පොලිසියට බාර දෙනු ලැබීය.
අල්ලාගත් පුද්ගලයාගේ අත පය බැඳ කණුවක ගැට ගසා දැන්වීම් පුවරුවක්ද එල්ලා තිබිණි.

