(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ප්‍රේමසම්බන්ධතාවය පවත්වන කාලයේ දී ලබා ගන්නා ලද නිරුවත් ඡායාරූපඅන්තර්ජාලයට මුදා හරින බව පවසා සරසවි සිසුවියක බිය ගන්වමින් වරින් වර මුදල් ලබා ගත් බව කියන තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි.
සැකකරු වරින් වර විශ්ව විද්‍යාලයට පැමිණ මුදල් ඉල්ලා කරදර කර ඇති බවත්, සිසුවිය අවසන් වරට ඔහුට රුපියල් 15,000ක් ලබා දී ඇති බවත් පොලිසිය කියයි.
කෙසේ වෙතත් සිසුවිය ඒ ගැන උපකුලපතිවරයා ද දැනුම්වත් කර එම උපදෙස් පරිදි පොලීසියට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව සැක පිට අත්අඩංගුවට ගත් තරුණයා සන්තකයේ තිබී තරුණියගේ නිරුවත් ඡායාරූප ඇතුලත් බව කියන සැකකරුගේ ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකථන දෙකක් ද පොලීසියභාරයට ගෙන තිබේ.

