(රේඛා තරංගනී ෆොන්සේකා)
සිසුවකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටු පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසැල් සිසුවාට මොරටු පොලිසියේදී පහරදීමක් සිදුවී ඇතිදැයි සොයා බැලීමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය.
එකම පාසැලේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙක් අතර කඨින පිංකමකදී සිදු වු බව කියන ගැටුමකදී සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සිසුවා අද අධිකරණයට ඉදිපත් කළ අවස්ථාවේ විත්තිකාර සිසුවා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ ආර්. මනෝජ් ගමගේ මහතා අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස ඉල්ලීමක් කළේය.
10 වසරේ ඉගෙනුම ලබන බව කියන සැකකාර සිසුවා 11 වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පහර දී ඇති බවත් තුවාල ලැබු සිසුවා පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
පසුගිය බදදා (10) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සිසුවා අත්අඩංගුවට ගත් දිනයේම අධිකරණයට ඉදිරිපත් කිරීමට කාලය තිබුනද එසේ නොකර 11 වැනිදා තෙක් සිසුවා පොලිසියේ රඳවා ගැනීමෙන් මානසිකව ළමා හිංසනයටද ලක්ව ඇති බවද නිතිඥවරයා අධිකරණයට දැන්වීය.
අධිකරණයට ඉදිරිපත් වූ සියලු කරැණු සැලකිල්ලට ගනිමින් මොරටුව ප්‍රධාන මහේස්ත්‍රා ඉවෝන් ප්‍රනාන්දු මෙනෙවිය මොරටු පොලිසියට තරයේ අවවාද කර සැකකාර සිසුවා ඇප මත මුදා හළ අතර සිසුවාට පහරදීමක් සිදු වුවේද යන්න සොයා බැලිමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස ද නියෝග කළාය.
කාලය තිබියදීත් සැකකාර සිසුවා පෙරදින අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය විමසු අවස්ථාවේ පැහැදිළි පිළිතුරක් ලබා දීමට පොලිසිය අසමත් විය.
සැකකාර සිසුවාගේ පහර කෑමට ලක් වූ බව කියන සිසුවාගේ හිස සහ මුහුන ප්‍රදේශය තුවාල වී ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

