සිසුවාට පහරදුන් සිසුන් අටක් අත්අඩංගුවට


(දයාරත්න ඇඹෝගම)

පරසන්ගසවැව ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවෙකුට මුඛයෙන් ලේ ගලන තුරුම පහර දුන්නේ යැයි කියන සිද්ධියකට එම පාසලේම සිසුන් අට දෙනෙකු අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගම,අඹගස්වැව හා පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ ඉගෙණුම ලබන 15 හැවිරිදි වියේ පසුවන සිසුන් අට දෙනෙකි.

පහර කෑමට ලක්ව ඇත්තේ එම පාසලේම 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියබලාගස්වැව,පරසන්ගස්වැව යන ලිපිනයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි.

පහර කෑමට ලක්වු සිසුවාගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසලේදි ඇතිවු බහින් බස් වමක් මුල්කර ගනිමින් පසුගිය 21 වන දින පාසල් තුලම මෙම සිසුවාට සැකකාර සිසුන් 08 දෙනා වසින් පහරදි ඇතැයි පොලසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලැබු සිසුවා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.