පුෂ්පකුමාර ජයරත්න
අතින් පයින් පහරදීමෙන් ශිෂ්‍යයකු කෘරත්වයට පත්කිරිමේ චෝදනාවකට වරදකරුවකු වු පොල්පිතිගම ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයාට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (9) වසර තුනක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කළාය.
මෙසේ සිරදඬුවම් නියමවුයේ මොරගොල්ලාගම පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකු වන වාසල රාජකරුණෘ මුදියන්සේලාගේ ජයවර්ධන බණ්ඩා (60) නැමැති අයටය.
ඔහු වසර 38 ක දිර්ඝ සේවා කාලයක් සපිරූ පළමුවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකි.
මෙම සිරදඬුවවමට අමතරව රුපියල් දසදහසක දඩුයක් ද ගෙවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය අගතියට පත් ශිෂ්‍යයාව රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට ද විත්තකරුට නියම කළාය.