සිසුවාගේ පැමිණිල්ලේ වාර්තාව බදාදාට ඉල්ලයි


කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කළ පාසල් සිසුවා (17) සහ විවාහකයා පොලිසියට එරෙහිව කර ඇති පැමිණිලි පිරික්සා එම වාර්තාව ලබන 7 වැනි දින දෙන ලෙසට පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා බස්නාහිර පළාත් භාර ජේ්‍්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

සිසුවා හා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට තරම් සාක්කි තිබුණේද යන්නත්,ඔවුන්ට පහරදී ඇත්ද යන්නත් සම්බන්ධයෙන් පරීක්ෂණ කැරේ.