කොටදෙණියාව දැරිය ඝාතනය සම්බන්ධයෙන් සාක්කි නොමැතිව නිදහස් කළ සිසුවාගේ ලැප්ටොප් පරිගණකය මොරටු සරසවියට යවා වාර්තාවක් රහස් පොලිසියට බාර දෙන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (2) නියෝග කළේය.
සේයා දැරියගේ මරණය සම්බන්ධ සාක්කි සටහන් කරගැනීම අද අවසන් විය. දැරියගේ මව අද සාක්කි දුන්නාය. කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා සිසුවාගේ ලැප්ටොප් පරිගණකය මොරටු සරසවියට යවා වාර්තාවක් ලබාගැනීමට අවසර දෙන ලෙසයි.
ඊට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එම වාර්තාව රහස් පොලිසියට බාරදිය යුතු බවයි. එහි පිටපතක් කොටදෙණියාව පොලිසියට යවන්නැයි මහේස්ත්‍රාත් මොරටු සරසවියට නියෝග කළේය.

