සිසුවකුගේ පියෙක් ගුරුවරියට ගහලා


අනුරාධපුර පුසියන්කුලම විද්‍යාලයේ ගුරුවරියකට  එම විදුහලේ සිසුවකුගේ  පියෙක්  පහර  දුන්නැයි  එම  විද්‍යාලයේ  සිසුහු  සහ මව්පියෝ  විද්‍යාලය ඉදිරිපට ප්‍රධාන මාර්ගයේ  පාර හරස්කරමින් අද (30) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.

අනුරාධපුර - විලච්චිය ප්‍රධාන පාර හරස්කරමින් ටයර් පුලුස්සමින් ඔවුහු විරෝධය පළ කළහ. එම ස්ථානයට පැමිණි අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව හෙට්ටිආරච්චි මහතා සැකකරු අත් අඩංගුවට ගැනීමට පොරොන්දුවීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.

පහර  දීමට  ලක්ව ඇතැයි  කියන ගුරුවරිය අනුරාධපුර  ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා බවත් පොලිසිය කියයි.

l2 l4 l6ll