(රංජන් කස්තුරි)
කොළඹ විශ්ව විද්‍යාලයට අයත් රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය සතුව තිබූ මොරගස්මුල්ල කාන්තා ශිෂ්‍ය නේවාසිකාගාරය හදිසි කොවිඩි - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර දේශපාලනාඥයන් පිරිසක් එය නැවත විවෘත කර ඇතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව චෝදනා කරයි.
ජාතික ව්‍යසනයකදී එයට මුහුණදීමට විධිමත් සලැස්මක් තිබිය යුතු අතර යම් දේපළක් පවරා ගන්නේ නම් ඒ පිළිබඳව අදාල පාර්ශව සමග සාකච්ඡා කළ යුතු බව ද පවසන දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව මොරගස්මුල්ල නේවාසිකකාරය විවෘත කිරීමේදී එවැන්නක් සිදුව නැතැයි ද සඳහන් කරයි.
දේශීය වෛද්‍ය සිසුන්ගේ පොත්පත් ඇඳුම් පැළඳුම් පවා නේවාසිකාගාරය තුළ තිබියදී මෙම ගොඩනැගිල්ල කොවිඩ් මධ්‍යස්ථානයක් කිරීම නිසා ශිෂ්‍යාවන්ට තමන්ගේ පොත්පත් හා නිල ඇඳම් ආදිය රැගෙනයාමට නොහැකි තත්ත්වයක් හටගෙන ඇතැයි ද දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ සභාපති පසිඳු එම් දසනායක මහතා කියයි.

