(බිඟුන් මේනක ගමගේ )
ගුරු - විදුහල්පති සේවා ඒකාබද්ධව හෙට(13) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට බලපෑමක් එල්ල වන බැවින් ඒ ගැන අවධානය යොමුකරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලියුමක් යොමු කර ඇත.
සිය ඒකාබද්ධ විරෝධතාව ගැන මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුවත් කර ඇතැයි ද ඒ නිසා අදාළ සිසු පිරිසට ගැටලුවකින් තොරව විභාග කටයුතුවලට සහභාගීවීමට පහසුකම් සලසන්නැයි ද ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලයි.
සිය වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා විභාග දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත්වන්නේ නම් ඊට කනගාටුව පළකරන්නේ යැයි ද ලංකා ගුරු සේවා සංගමය යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

