සිසුන් රැගෙන ඒමට සිංගප්පූරුවට යානයක් පිටත්ව යයි


(ටී.කේ.ජී.කපිල )
 
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරන විශේෂ ගුවන් යානය අද  උදෑසන 7.30 ට කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය .
 
මෙම වසංගත රෝග තත්වය නිසා සිංගප්පූරුව වෙත යාමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ කොටු වී සිටි සිංගප්පූරු ජාතිකයන් 10 දෙනෙකු පමණ  මෙම ගුවන් යානය තුළ සිංගප්පූරුව බලා  ගමන් ගත්හ .
 
මෙම ගුවන් යානය අද  දින සවස 5.15 ට යළි කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .