
(උපුල් හේරත්)
අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක සිසුවකුගේ හිස ප්‍රදේශයට සිදු කළ පහර දීමකින් එම සිසුවා අනුරාධපුරස් ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසි කියයි.
සිසුන් අතර කිසියම් හේතුවක් පාදක කර ගනිමින් මෙම සිසුවාට සිදුකළ පහරදීමෙන් ඔහුගේ හිස පුපුරා ගොස් ඇත.
දැනට එම සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11 ට ඇතුළත් කරමින් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
එම සිද්ධියට සැකපිට සිසුන් හතර දෙනකු අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

