උපකාරක පන්තියකට ගොස් ආපසු නිවස බලා යමින් සිටි සිසුවකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී අම්බලන්ගොඩ නගරයේ දමා ගිය බලපිටියේ පාසලක ඉගෙනුම ලබන සිසුවකුගේ පියකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. සිසුන් දෙදෙනා අතර ගැටුමක් මෙම පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.

