සිවුරු - හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සොයාගනී


(දිනේෂ් උපේන්ද්‍ර)                                                                     
         
කුලියාපිටිය යායවත්ත මුස්ලිම් ගම්මාන ආශ‍්‍රිත අනවසර නැමදුම් මධ්‍යස්ථානයක සහ නිවසක තිබී සිවුරකට සමාන විශාල රෙදි හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.
         
කුලියාපිටිය පොලිසිය හා කුරුණෑගල බෝයගනේ යුධ හමුදා කඳවුර එක්ව අද(01) කළ මෙහෙයුමේදී මෙම ඇඳුම් සහ රෙදි සොයාගෙන ඇත.
 
අරාබි අකුරින් විස්තර සඳහන් සිමෙන්ති පුවරුවක් හදිසියේ ගලවා දමා තිබූ බව අනාවරණය වීමත් සමඟ එම අනවසර පල්ලියේ සභාපතිවරයා යැයි කියන අයෙකු පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කර තිබේ.
         
යුද හමුදා නිල ඇඳුම් හමුවූ නිවසේ කාන්තාවගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී සැකකටයුතු සීඩී තැටි රැසක්ද පොලිසිය බාරයට ගත් අතර එම කාන්තාවද වැඩිදුර ප‍්‍රශ්නකිරීමට යොමුකර තිබේ.