(ඩී. කේ. රත්න)
වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සිවුරු, අඳනකඩ සහ යුද හමුදා ඇඳුම් තොගයක් සමඟ මාංචු යුගළක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
භික්ෂූන් වහන්සේලා භාවිතා කරන සිවුරු 7ක්, අඳනකඩ 8ක්, කහ පැහැති තුවා 20ක්, කහ පැහැති කොට්ටඋර 6ක් සහ ගුවන් හමුදාව භාවිතා කරන කමිසයක්, හමුදා කැළෑ ඇඳුමක් හමුදා මුහුණු ආවරණ කිහිපයක්, මාංචු යුගලක්, හමුදාව කෑලෑ තුළදී භාවිත කරන ශරීර ආලේපන තොගයක් මොවුන් දෙදෙනා සතුව තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වැලිමඩ දඹවින්න හද්දාවුල ප‍්‍රදේශයේ පදිංචි හනීපා මෙහොමඩ සාරිෆ් නැමති පුද්ගලයෙකු හා වැලිමඩ බොරලන්ද පාර දඹවින්න පදිංචි මෙහොමඩ් තාහිර් මහරුෆ් නැමත්තෙකි.
වැලිමඩ පොලීසිය හා යුධ හමුදාව ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැලිමඩ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

