(රංජන් කස්තුරි)
අනුරාධපුරය ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළඳවීමේදී එම ප්‍රතිමාවට හෝ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නැතියි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කලාප භාර පුරා විද්‍යා නිලධාරීන්ගේ වාර්තාව අනුව එම තොරතුරු අනාවරණය වන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
පුරාවිද්‍යා නිලධාරීන් අවුකන බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිත ස්ථානීය පරික්ෂාවක් සිදු කොට ඒ සම්බන්ධයෙන් අවුකන රාජමහා විහාරාධිපති හිමියන්ගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙන බව ද එහ අනවබෝධයෙන් සිදුවූ බව උන්වහන්සේ පිළිගෙන ඇති බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

