(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් මුණ ගැසීමට කටයුතු කරන බව සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා සදහන් කලේ මේ සතිය තුළ අගමැතිවරයා සහ කතානායකවරයා මුන ගැසී තේරීම් කාරක සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි පිහිටි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වන තොරතුරු හෙළිවෙමින් තිබියදී ඇතැම් පිරිස් එයට එරෙහිවීම පිළිබඳ සිවිල් සංවිධාන නියෝජිතයන් ලෙස තමන් කණගාටු වෙන බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.
එමෙන්ම මෙම තේරීම් කාරක සභාව සඳහා සහාය ලබා දෙන ලෙසට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ පිරිසගෙන් ඉල්ලා සිටින බවත් රත්නප‍්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.

